අපිට Premium එපා

ඔන්න Rapidshare Premium හොයන කස්ටියට හොඳ ආරංචියක්. මේ මම Accounts හොයලා දෙනවා කියලා එහෙම නෙවෙයි හරිද? අපි නං ඔය හොර වැඩ දන්නෙ නෑ ලු.

හරි හරි කතාවට එමුකො.

මට මේ ළඟදි හම්බ උනා නියම ඇඩොනයක් Firefox එකට.

නම තමයි Skipscreen. [වෙබ් අඩවියට යන්න නම ඔබන්න.]
මෙන්න මෙතනින් ඇඩොනය බා ගන්න.

මේකෙන් වෙන්නෙ මෙහෙම සිද්දියක්, දැන් අපි හිතමු Rapidshare වලින් අපි මොකක් හරි බාන්න හදනවා කියලා එතකොට Link එක Address bar එකට paste කරලා Enter එබුවහම එනවා නෙ Free user ද නැත්තන් Premium User ද කියලා ‍තෝරන්න, එතකොට Free User එබුවහම අපිට යම්කිසි වෙලාවක් ඉවසගෙන ඉන්න ඕනෙ. සමහර වෙලාවට File එකෙ ප්‍රමාණය අනුව බලන් ඉන්න ඕනෙ වෙලාව වැඩි වෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට සමහර වෙලාවට අපිට ඕක අමතක වෙනවා. මතක් වෙච්ච වෙලාවක ගිහින් බැලුවහම ඒ Session එක Expire වෙලා හරි මොකක් හරි මගුලක් කියනවා, එතකොට ආයිත් මුල ඉඳන්ම පටන් ගන්න ඕනෙ.

මේක ඇත්තටම එපා වෙන සිද්දියක් නෙ. ඉතින් කොහොමද ඕක ස්වයංක්‍රීයව උනොත්?

අන්න ඒ වගේ ඇඩොනයක් තමයි මේක, ඒ කියන්නෙ Free User කියන එකත් Click කරලා වෙලාව යනකන් ඉඳලා ඒ File එක බෑවෙනවා.

එහෙම වෙන්නෙ Rapidshare සහ ඒ වගේ තවත් File Hosting අඩවි වල. සමහර අඩවි වල මේ බලන් ඉන්න ඕනෙ වෙලාවත් නැති කරනවා. නමුත් Rapidshare වල නං එහෙම එකක් වෙන්නෙ නෑ. ඒත් මේ වෙන ටික මදෑ, නේද? :P

මේ ඇඩොනය සමග භාවිතා කරන්න කියලා තවත් ඇඩොන 2ක් Recommend කරලා තියෙනවා

ඒවා තමයි ADBlock Plus සහ The Cavern Links Checker

 මේවායින් ADBlock Plus වලින් වෙන්නෙ අන්තර්ජාලයේ තියෙන කරදරකාරී වෙළඳ දැන්වීම් Block කරන එක, එතකොට හුඟක් වෙලාවට popups එහෙමත් එන එක නවතිනවා.

එතකොට මේ The Cavern Links Checker කියන එක java script එකක්, ඒකෙන් කෙරෙන්නෙ වෙබ් අඩවි වල තියෙන file hosting sites වල links වැඩ කරනවද කියලා පරීක්ෂා කරලා අපිට පෙන්නන එක, උදාහරණයක් විදිහට පහල පින්තූරය බලන්න.



[මේ පින්තූර පිස්සු නටනවා, මොකද මේ?]

හරියටම බලා ගන්න පින්තූරය උඩ කොටන්න.

මේ Script එක වැඩ කරන්න Greasemonkey ඇඩොනය දාලා තියෙන්න ඕනෙ

ඒක බා ගන්න නම උඩ ඔබන්න. මේ ඇඩොනය දාලා ඒකෙන් The Cavern Links Checker script එක ස්ථාපනය කර ගන්න.

ඊට පස්සෙ ඉතිං බෑම පටන් ගන්න එකයි තියෙන්නෙ  :P

කොහොම උනත් මම නං කියන්නෙ JDownloader එක තවමත් මීට වඩා හොඳයි [මට හොඳේ, අනිත් අයට කොහොමද කියන්න දන්නෙ නෑ] කැමති එකක් ‍තෝර ගන්න.


ආ තව එකක්, Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා ;)

මෙන්න යාලුවො

ඉස්සෙල්ලාම මේක බලලා ඉන්න
[හරියට පේන්නෙ නැත්තං photo එක උඩ කොටන්න]





මොකක් හරි හිතා ගන්න පුලුවන් උනාද?

හොඳයි මම කියන්නම් කතාව.

මේ තියෙන්නෙ මමයි මම හොඳ යාලුවෙක් කියලා හිතන් හිටපු කෙනෙක්ගෙයි අතර chat එකක්.

අපේ ගෙවල් ළඟ තමයි හිටියෙ, දැන් නම් ලංකාවෙ නෙවෙයි ඉන්නෙ, දැනට සති 3-4කට උඩදි වෙන රටකට ගියා.මගෙ ගාව pen drive එකක් තිබ්බා. ලොකු එකක් නං නෙවෙයි, 2GB. මම මේ කියන කෙනා ඒක මම ගත්ත දවස් වලම ඇවිල්ලා ඒක අරකටයි මේකටයි අරගෙන ගියා. ඇත්තම කියනවා නං මම ඕක අරගෙන මාස 6ක් විතර උණාට මගෙ ගාව ඕක සතියක් වත් තිබ්බෙ නෑ.

අන්තිමට ඔන්න රට යන්න ලං වෙලා පොර කස්ටියට party 1ක් එහෙම දුන්නා, හරියටම කියනවා නං යන්න කලින් දවසෙ, හැබැයි මට යන්න බැරි වුණා, මොකද මම ගමේ ගිහින් හිටපු දවස් වල, මමත් ඉතින් හරි නෑ නෙ කියලා මුට call එකකුත් දුන්නා, පරිස්සමෙන් ගිහින් වරෙන් කියලා එහෙම, ඒ අතරෙ මම pen එක ගැනත් මතක් කලා, වෙන යාලුවෙක්ට දියන් මම උගෙන් ඉල්ල ගන්නම් කියලා, මූත් හා කියලා කිව්වා, මම ඊට පස්සෙ ගමේ ගිහින් ආවට පස්සෙ අර කලින් කියපු යාලුවගෙන් ඇහුවා මූ මගෙ pen එක දීලා ගියාද කියලා. මේකා කිව්වෙ නැතැයි එහෙම එකක් දුන්නෙ නෑ කියලා. මට නේද, මල් පොකුරම පැන්නා, ඇයි බොලේ මේ යකා මේකත් අරන්ම රට ගියාද කියලා කවුද දන්නෙ.

ඉතින් ඔන්න බලන් හිටියා මූ online එනකන්, ඔන්න දවසකට දෙකකට පස්සෙ online ආවා කියමුකො. මම ඇහුවා පොරගෙන්, මූ කියනවා හදිස්සියට ඒක හොයා ගන්න බැරි උනයි, උන්ගෙ අක්කට කියන්නංලු හම්බ උනොත් දෙන්න කියලයි අරකයි මේකයි. මමත් ඉවසන් හිටියා හරි තව සතියක් දෙකක් බලමුකො කියලා.

ඔන්න තවත් සතියකට පස්සෙ ආයිත් පොර online ආවහම මම ඇහුවා, මූ කියනවා ඒක නැහැලු. මට ඉතින් මතක් උනා හොඳවයින් 33ක් විතර. ඊට පස්සෙ මූ කිව්වා අක්කට කියන්නම් හොඳට හොයලා බලන්න කියලා කිව්වා, මම එදත් මොකුත් නොකියා හිටියා, ඊට දවස් දෙකකට විතර පස්සෙ මම උන්ගෙ ගෙදර ගියා මොකෝ මේක හම්බ වෙලාද කියලා බලන්න. එතකොට මුන්ගෙ අක්කා කියපි මූ එහෙම එකක් ගැන කියලා නෑ කියලා. මම ඉතින් බල්ලා වගේ ගෙදර එන්න ආවා.

හරි ඔච්චර තමයි ඉවසන්න පුලුවන්, ඊට පස්සෙ දවසක පොර online ආවහම තමයි ඔය chat එක ගියේ. ඕක මම කියලා ඌව block කරලා දැම්මා.

 ආ තවත් කියන්න ඕනෙ මම ඕකට කරලා තියෙන උදව් ගැන, PC එකට කෙලව ගත්තහම දවල් රෑ නොබලා මගේ වැඩත් පාලු කරගෙන අනන්තවත් උදව් කරලා තියෙනවා, මූට දැන ඒවා අමතකයි, මේ පෝස්ට් එක දාන්න මුල් උනෙත් කොච්චර එකට බොක්කෙන්ම ‍ෆිට් එකේ හිටියත් අන්තිමට මුල අමතක වෙන යාලුවොත් ඉන්නවා කියලා මේ blog එක බලන අයට කියලා දෙන්න මිසක් මගෙ pen එකට වෙච්ච දේ ගැන කියන්න නෙවයි කියලා හොඳට මතක තියා ගන්න හැමෝම.

මොකද ඌත් කියලා තියෙනවා වගේ 2GB කියන්නෙ දැන් නිකනුත් දෙන ජාතියෙ ඒවා නෙ. ඒත් මම ඒ සිද්දියෙන් ඉගෙන ගත්තා යාලුවො කියන්නෙ කවුද කියලා, ඒක ජීවිතේටම වටින කියන පාඩමක්.