මෙන්න යාලුවො

ඉස්සෙල්ලාම මේක බලලා ඉන්න
[හරියට පේන්නෙ නැත්තං photo එක උඩ කොටන්න]





මොකක් හරි හිතා ගන්න පුලුවන් උනාද?

හොඳයි මම කියන්නම් කතාව.

මේ තියෙන්නෙ මමයි මම හොඳ යාලුවෙක් කියලා හිතන් හිටපු කෙනෙක්ගෙයි අතර chat එකක්.

අපේ ගෙවල් ළඟ තමයි හිටියෙ, දැන් නම් ලංකාවෙ නෙවෙයි ඉන්නෙ, දැනට සති 3-4කට උඩදි වෙන රටකට ගියා.මගෙ ගාව pen drive එකක් තිබ්බා. ලොකු එකක් නං නෙවෙයි, 2GB. මම මේ කියන කෙනා ඒක මම ගත්ත දවස් වලම ඇවිල්ලා ඒක අරකටයි මේකටයි අරගෙන ගියා. ඇත්තම කියනවා නං මම ඕක අරගෙන මාස 6ක් විතර උණාට මගෙ ගාව ඕක සතියක් වත් තිබ්බෙ නෑ.

අන්තිමට ඔන්න රට යන්න ලං වෙලා පොර කස්ටියට party 1ක් එහෙම දුන්නා, හරියටම කියනවා නං යන්න කලින් දවසෙ, හැබැයි මට යන්න බැරි වුණා, මොකද මම ගමේ ගිහින් හිටපු දවස් වල, මමත් ඉතින් හරි නෑ නෙ කියලා මුට call එකකුත් දුන්නා, පරිස්සමෙන් ගිහින් වරෙන් කියලා එහෙම, ඒ අතරෙ මම pen එක ගැනත් මතක් කලා, වෙන යාලුවෙක්ට දියන් මම උගෙන් ඉල්ල ගන්නම් කියලා, මූත් හා කියලා කිව්වා, මම ඊට පස්සෙ ගමේ ගිහින් ආවට පස්සෙ අර කලින් කියපු යාලුවගෙන් ඇහුවා මූ මගෙ pen එක දීලා ගියාද කියලා. මේකා කිව්වෙ නැතැයි එහෙම එකක් දුන්නෙ නෑ කියලා. මට නේද, මල් පොකුරම පැන්නා, ඇයි බොලේ මේ යකා මේකත් අරන්ම රට ගියාද කියලා කවුද දන්නෙ.

ඉතින් ඔන්න බලන් හිටියා මූ online එනකන්, ඔන්න දවසකට දෙකකට පස්සෙ online ආවා කියමුකො. මම ඇහුවා පොරගෙන්, මූ කියනවා හදිස්සියට ඒක හොයා ගන්න බැරි උනයි, උන්ගෙ අක්කට කියන්නංලු හම්බ උනොත් දෙන්න කියලයි අරකයි මේකයි. මමත් ඉවසන් හිටියා හරි තව සතියක් දෙකක් බලමුකො කියලා.

ඔන්න තවත් සතියකට පස්සෙ ආයිත් පොර online ආවහම මම ඇහුවා, මූ කියනවා ඒක නැහැලු. මට ඉතින් මතක් උනා හොඳවයින් 33ක් විතර. ඊට පස්සෙ මූ කිව්වා අක්කට කියන්නම් හොඳට හොයලා බලන්න කියලා කිව්වා, මම එදත් මොකුත් නොකියා හිටියා, ඊට දවස් දෙකකට විතර පස්සෙ මම උන්ගෙ ගෙදර ගියා මොකෝ මේක හම්බ වෙලාද කියලා බලන්න. එතකොට මුන්ගෙ අක්කා කියපි මූ එහෙම එකක් ගැන කියලා නෑ කියලා. මම ඉතින් බල්ලා වගේ ගෙදර එන්න ආවා.

හරි ඔච්චර තමයි ඉවසන්න පුලුවන්, ඊට පස්සෙ දවසක පොර online ආවහම තමයි ඔය chat එක ගියේ. ඕක මම කියලා ඌව block කරලා දැම්මා.

 ආ තවත් කියන්න ඕනෙ මම ඕකට කරලා තියෙන උදව් ගැන, PC එකට කෙලව ගත්තහම දවල් රෑ නොබලා මගේ වැඩත් පාලු කරගෙන අනන්තවත් උදව් කරලා තියෙනවා, මූට දැන ඒවා අමතකයි, මේ පෝස්ට් එක දාන්න මුල් උනෙත් කොච්චර එකට බොක්කෙන්ම ‍ෆිට් එකේ හිටියත් අන්තිමට මුල අමතක වෙන යාලුවොත් ඉන්නවා කියලා මේ blog එක බලන අයට කියලා දෙන්න මිසක් මගෙ pen එකට වෙච්ච දේ ගැන කියන්න නෙවයි කියලා හොඳට මතක තියා ගන්න හැමෝම.

මොකද ඌත් කියලා තියෙනවා වගේ 2GB කියන්නෙ දැන් නිකනුත් දෙන ජාතියෙ ඒවා නෙ. ඒත් මම ඒ සිද්දියෙන් ඉගෙන ගත්තා යාලුවො කියන්නෙ කවුද කියලා, ඒක ජීවිතේටම වටින කියන පාඩමක්.

7 අදහස්:

GNS said...

හම්ම්!! ඔහොම 'යාළුවො' නම් හැමෝට‍ම ඉන්නවා..
ගණන් ගන්න එපා බං.. ;)

2GB එකකින් මිනිහගෙ හැටි දැනගන්න හම්බවෙච්ච එක ගැන සතුටු වෙන්න [(නැත්නම් ඔය යකා ඊට වැඩිය ලොකු ගේමක්නෙ දෙන්නෙ ;) ].. :D

Shashika Surangini said...

මටත් ඔය වගේ සිද්දියක් වෙලා තියනව ඵොනෙ එකකට බන් උබ නම් හොදටම ලාබේට බේරිලා තියෙනව...ඒ මට ඒක මතක් වෙද්දිත් අරුව කන්න හිතෙනව :X

Shashika Surangini said...

ඵොනෙ=phone

Octa HeliX said...

@ ගයන්ත: සිරාවටම මූ තව මොනවා මොනවා කොරයිද මෙහෙ හිටියා නං.

@ thelaa: හපොයි උඹටත් මාර සිද්දියක් නෙ වෙලා තියෙන්නෙ

Kasun Perera said...

ඔය වගෙ යාලුවො සෙට් වෙන්න පෙරුම් පුරන්න ඕනෙ.
උඹ ලබෙට බෙරුනා.

Unknown said...

අඩේ මම හිතුවෙ මට විතර්යි කියලා ඔය වගේ යාලුවො ඉන්නේ

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

ඔන්න අපි නම් ඔෙහාම නෑ :D

Post a Comment