මටමයි වෙන්නෙ

ඔන්න ඉඳලා ඉඳලා පන්තියට යන්න කියලා අද උදේ ම නැගිට්ටා. ඇඳ පැළඳගෙන යන්න කියලා එළියට බැස්සා. කොහෙද...

පටන් ගත්තෙ නැතැයි හෙන වැස්සක්. :S

මෙච්චර දවස් පායලා පායලා පන්ති තියෙන දවසෙම වහින්න ඕනෙ වුණා නෙ අම්මපා. හරියට නිකං සතියට වෙන දවස් නෑ වගේ... :@

ඒකත් කමක් නෑ කියමුකො. වැස්ස පායනකං ඉඳලා ඔන්න බැස්සා එළියට යන්න කියලා මගෙ දඬුමොණරෙත් අරන්. ;) ඔන්න ටික දුරක් යනකොට ආයිත් තිබ්බට වඩා හයියෙන් වහින්න ගත්තා. මොනව කොරන්නද ඉතින්...

ආවා එන්න ගෙදර.

මම කියන්නෙ සතියට දවස් 7ක් තියෙනවා, අනිත් දවස් 6ම මම ගෙදරට වෙලා ඉන්න කොට වහින්න බැරි ඇයි අප්පා... :(

ආ... කස්ටිය බලනවා ඇති කොල්ලා කොහෙන්ද මෙච්චර දවස් අන්තරස්දාන වෙලා ඉඳලා එක පාරටම පාත් වුණේ කියලා.

කොල්ලා ගියා නෙව ගමේ :D

අපේ තාත්තගෙ ගමේ, කුරුණෑගල, මරු tour එක. පස්සෙ දවසක කියන්නම්කො ගම ගැනත්.

දැන් ඇති වගේ, මම අදට යනවා. දාන්න හොඳ posts කිහිපයකුත් තියෙනවා, අද හෙටම දාන්නම්කො.

එහෙනං, මම ගියා... :D

8 අදහස්:

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

උඹ කරන පව් තමා ඔය පලිසන් දෙන්නෙ :p.

කෝ ගමේ ගියාට තවම මගෙ වැඩේ කෙරුනේ නැහැනේ :(

Octa HeliX said...

අර කතාවක් තියෙන්නෙ බං, අපි නැග්ගොත් හුඹහෙත් දෙබලක් කියලා :P

ඒකත් එහෙම සිද්දියක් තමයි. :(

ඉවසපන් ඉවසපන්, මම කොහොම හරි වැඩේ කොරලා දෙන්නම්. :D

Thelaa said...

mara wadene ban
mama real time converter eken type karana ewa methenta paste karanna ba :X

hmmmm eka neme mama gama gana ahuwa eka kiyanawada >??

Octa HeliX said...

@ Thelaa: මටත් ඒ අවුල ආවා මචං, ඒක හිටපු ගමන් හරි ගියා, කොහොමද දන්නෙ නෑ.

හරි හරි, ඒක ගැනත් කියන්නම්කො ;)

Unknown said...

හෆොයි උබට වෙන දෙවාල්

Unknown said...

හික් හරියට දුක ඇති....පන්තියනෙ පාඩු උනෙ..

Octa HeliX said...

@ Wolveriŋe ™: කියලා වැඩක් නෑ.

@ පොඩි මහත්තයා: ඒක නේන්නං, පන්තියට එන අයටත් හරියට දුක හිතෙන්න ඇති :P

Kasun Perera said...

අනෙ මේ. heeeeeeee
බොරු කියන්න එපා.
යන්න කම්මැලි උනාම වැස්සා කිව්වලු.
අම්මට පේන්න Blog eka ලියන්නෙ

Post a Comment