අපිට Premium එපා

ඔන්න Rapidshare Premium හොයන කස්ටියට හොඳ ආරංචියක්. මේ මම Accounts හොයලා දෙනවා කියලා එහෙම නෙවෙයි හරිද? අපි නං ඔය හොර වැඩ දන්නෙ නෑ ලු.

හරි හරි කතාවට එමුකො.

මට මේ ළඟදි හම්බ උනා නියම ඇඩොනයක් Firefox එකට.

නම තමයි Skipscreen. [වෙබ් අඩවියට යන්න නම ඔබන්න.]
මෙන්න මෙතනින් ඇඩොනය බා ගන්න.

මේකෙන් වෙන්නෙ මෙහෙම සිද්දියක්, දැන් අපි හිතමු Rapidshare වලින් අපි මොකක් හරි බාන්න හදනවා කියලා එතකොට Link එක Address bar එකට paste කරලා Enter එබුවහම එනවා නෙ Free user ද නැත්තන් Premium User ද කියලා ‍තෝරන්න, එතකොට Free User එබුවහම අපිට යම්කිසි වෙලාවක් ඉවසගෙන ඉන්න ඕනෙ. සමහර වෙලාවට File එකෙ ප්‍රමාණය අනුව බලන් ඉන්න ඕනෙ වෙලාව වැඩි වෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට සමහර වෙලාවට අපිට ඕක අමතක වෙනවා. මතක් වෙච්ච වෙලාවක ගිහින් බැලුවහම ඒ Session එක Expire වෙලා හරි මොකක් හරි මගුලක් කියනවා, එතකොට ආයිත් මුල ඉඳන්ම පටන් ගන්න ඕනෙ.

මේක ඇත්තටම එපා වෙන සිද්දියක් නෙ. ඉතින් කොහොමද ඕක ස්වයංක්‍රීයව උනොත්?

අන්න ඒ වගේ ඇඩොනයක් තමයි මේක, ඒ කියන්නෙ Free User කියන එකත් Click කරලා වෙලාව යනකන් ඉඳලා ඒ File එක බෑවෙනවා.

එහෙම වෙන්නෙ Rapidshare සහ ඒ වගේ තවත් File Hosting අඩවි වල. සමහර අඩවි වල මේ බලන් ඉන්න ඕනෙ වෙලාවත් නැති කරනවා. නමුත් Rapidshare වල නං එහෙම එකක් වෙන්නෙ නෑ. ඒත් මේ වෙන ටික මදෑ, නේද? :P

මේ ඇඩොනය සමග භාවිතා කරන්න කියලා තවත් ඇඩොන 2ක් Recommend කරලා තියෙනවා

ඒවා තමයි ADBlock Plus සහ The Cavern Links Checker

 මේවායින් ADBlock Plus වලින් වෙන්නෙ අන්තර්ජාලයේ තියෙන කරදරකාරී වෙළඳ දැන්වීම් Block කරන එක, එතකොට හුඟක් වෙලාවට popups එහෙමත් එන එක නවතිනවා.

එතකොට මේ The Cavern Links Checker කියන එක java script එකක්, ඒකෙන් කෙරෙන්නෙ වෙබ් අඩවි වල තියෙන file hosting sites වල links වැඩ කරනවද කියලා පරීක්ෂා කරලා අපිට පෙන්නන එක, උදාහරණයක් විදිහට පහල පින්තූරය බලන්න.



[මේ පින්තූර පිස්සු නටනවා, මොකද මේ?]

හරියටම බලා ගන්න පින්තූරය උඩ කොටන්න.

මේ Script එක වැඩ කරන්න Greasemonkey ඇඩොනය දාලා තියෙන්න ඕනෙ

ඒක බා ගන්න නම උඩ ඔබන්න. මේ ඇඩොනය දාලා ඒකෙන් The Cavern Links Checker script එක ස්ථාපනය කර ගන්න.

ඊට පස්සෙ ඉතිං බෑම පටන් ගන්න එකයි තියෙන්නෙ  :P

කොහොම උනත් මම නං කියන්නෙ JDownloader එක තවමත් මීට වඩා හොඳයි [මට හොඳේ, අනිත් අයට කොහොමද කියන්න දන්නෙ නෑ] කැමති එකක් ‍තෝර ගන්න.


ආ තව එකක්, Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා ;)

7 අදහස්:

Shashika Surangini said...

අහ් මට ඕක කලින් දුන්නනෙ එත් බාන්න බැරි උනා මම මේ ඉල්ලගන්නම් කියල හිටියේ.හම්බ උන වෙලේ බා ගන්න ඔනේ.
(ඒක නෙමෙයි ලඟදි ඉදන් RD බාන එක හරි කරදරයක් USERS වැඩියි පස්සෙ ට්‍රයි කරන්න කියල මැසේජ් එකක් එනව :(

Octa HeliX said...

@ thelaa: එහෙම අවුලක් තියෙනව තමයි බන්, මම හිතන්නෙ ඒක Cookies සිද්දියක්, Cookies clear කරල try පාරක් දාල බලපන්

Thameera said...

ෂහ් මාර ප්‍රයෝජනවත් ඇඩෝන් එකක්නෙ. දාල බලන්න ඕන. තැන්කූ!

GNS said...

JDownloader එක මොකෝ? ;)

Kasun Perera said...

ශාආආආ
මරු අඩෝන් එක අඩෝ
මට නම් J Downloader එකට වඩ හොදයි
Thank u

Octa HeliX said...

@ තමීර: යූ ආ වෙල්කම් :D

@ ගයන්ත: Jdownloader එකේ තියෙන්නෙ links ටික copy කරලා බෑවෙන්න දාන්න නෙ, ඒක හින්දා ඒක ලේසියි කියලා හිතෙනවා. මම පස්සෙ ඒක ගැනත් පෝස්ට් එකක් දාන්නම්කො.

@ Kasun Chamara: මොකද්ද ලේසි කියලා තීරණය වෙන්නෙ ඒක භාවිතා කරන පුද්ගලයා මත, ප්‍රශ්ණයක් නෑ ලේසි එකක් ‍තෝර ගන්න.

Anonymous said...

මට නම් rapidshare නෙමේ cracked software ඔක්කොම එපා උනා! ඉතින් බැස්ස linux වලට!

Post a Comment