කොම්පීටරේ

ඔන්න අදත් ආවා පෝස්ට් 1ක් දාන්න.

ඊයෙ පෙරේදා ගෙදර හිටියෙ නෑ, ගියා අවලමේ!!! :P අවලමේ කිව්වට මිස් අන්ඩස්ටෑන්ඩ් කොරගන්න එපා හොඳේ, එහෙම නරක වැඩ කරන්නෙ නෑ අපි!!!

ගෙදරට වෙලා ඉන්නෙ කොහොමද, හපෝ එපා වෙනවා නෙ.

ගියේ පරණ යාලුවො සෙට් එක හම්බ වෙන්න. :D අපේ පරණ හරක් රංචුව, තවමත් එහෙම්මමයි. :P

ඔන්න එකෙක්ට කොම්පීටරයක් ගන්න ඕනෙ වෙලා. උන්ගෙ අම්මගෙන් මේ දවස් වල ඒකට ප්‍රතිපාදන සකස් කොරනවා.

ඉස්සෙල්ලාම 30,000න් පටන් ගත්ත වැඩේ ඊට පස්සෙ 35,000 වුණා ඊට පස්සෙ ඒක 40,000 වුණා.

කෝකටත් කියලා ඊයෙ ගියා යුනිටිය පැත්තෙ රවුමක් ගහන්න, බඩුම තමයි 40,000, 50,000 වුණා.
දැන් මූ අඬනවා ඒක ගන්න වෙන්නෙ නැහැලු.

ඔන්න ඒ පාර අද උදේ කතා කරලා කියනවා වැඩේ හරි ලු, හෙට ගේන්න යමු ලු. පොරට අද නින්ද යන එකක් නෑ.

පව් කොලුවා!!!

යන්න ඕනෙ ඒ පැත්තෙ රවුමක් ගහලා එන්න.

1 අදහස්:

Unknown said...

කොල්ලට ප්‍රතිපාදන ලැබිලද?

Post a Comment