මටමයි වෙන්නෙ

ඔන්න ඉඳලා ඉඳලා පන්තියට යන්න කියලා අද උදේ ම නැගිට්ටා. ඇඳ පැළඳගෙන යන්න කියලා එළියට බැස්සා. කොහෙද...

පටන් ගත්තෙ නැතැයි හෙන වැස්සක්. :S

මෙච්චර දවස් පායලා පායලා පන්ති තියෙන දවසෙම වහින්න ඕනෙ වුණා නෙ අම්මපා. හරියට නිකං සතියට වෙන දවස් නෑ වගේ... :@

ඒකත් කමක් නෑ කියමුකො. වැස්ස පායනකං ඉඳලා ඔන්න බැස්සා එළියට යන්න කියලා මගෙ දඬුමොණරෙත් අරන්. ;) ඔන්න ටික දුරක් යනකොට ආයිත් තිබ්බට වඩා හයියෙන් වහින්න ගත්තා. මොනව කොරන්නද ඉතින්...

ආවා එන්න ගෙදර.

මම කියන්නෙ සතියට දවස් 7ක් තියෙනවා, අනිත් දවස් 6ම මම ගෙදරට වෙලා ඉන්න කොට වහින්න බැරි ඇයි අප්පා... :(

ආ... කස්ටිය බලනවා ඇති කොල්ලා කොහෙන්ද මෙච්චර දවස් අන්තරස්දාන වෙලා ඉඳලා එක පාරටම පාත් වුණේ කියලා.

කොල්ලා ගියා නෙව ගමේ :D

අපේ තාත්තගෙ ගමේ, කුරුණෑගල, මරු tour එක. පස්සෙ දවසක කියන්නම්කො ගම ගැනත්.

දැන් ඇති වගේ, මම අදට යනවා. දාන්න හොඳ posts කිහිපයකුත් තියෙනවා, අද හෙටම දාන්නම්කො.

එහෙනං, මම ගියා... :D

කොම්පීටරේ

ඔන්න අදත් ආවා පෝස්ට් 1ක් දාන්න.

ඊයෙ පෙරේදා ගෙදර හිටියෙ නෑ, ගියා අවලමේ!!! :P අවලමේ කිව්වට මිස් අන්ඩස්ටෑන්ඩ් කොරගන්න එපා හොඳේ, එහෙම නරක වැඩ කරන්නෙ නෑ අපි!!!

ගෙදරට වෙලා ඉන්නෙ කොහොමද, හපෝ එපා වෙනවා නෙ.

ගියේ පරණ යාලුවො සෙට් එක හම්බ වෙන්න. :D අපේ පරණ හරක් රංචුව, තවමත් එහෙම්මමයි. :P

ඔන්න එකෙක්ට කොම්පීටරයක් ගන්න ඕනෙ වෙලා. උන්ගෙ අම්මගෙන් මේ දවස් වල ඒකට ප්‍රතිපාදන සකස් කොරනවා.

ඉස්සෙල්ලාම 30,000න් පටන් ගත්ත වැඩේ ඊට පස්සෙ 35,000 වුණා ඊට පස්සෙ ඒක 40,000 වුණා.

කෝකටත් කියලා ඊයෙ ගියා යුනිටිය පැත්තෙ රවුමක් ගහන්න, බඩුම තමයි 40,000, 50,000 වුණා.
දැන් මූ අඬනවා ඒක ගන්න වෙන්නෙ නැහැලු.

ඔන්න ඒ පාර අද උදේ කතා කරලා කියනවා වැඩේ හරි ලු, හෙට ගේන්න යමු ලු. පොරට අද නින්ද යන එකක් නෑ.

පව් කොලුවා!!!

යන්න ඕනෙ ඒ පැත්තෙ රවුමක් ගහලා එන්න.

මළ කරදරේ ඉවරයි

ඔන්න හුඟ කාලෙකට පස්සෙ මම ආයිත් ආවා.

ඉතිං ඉතිං

කාලකට පස්සෙ හොඳට නිදා ගත්තා ඊයෙ.

ඊයෙ අන්තිම විභාගෙ නෙ.

සාමාන්‍ය පොදු පරීක්ෂණය ද මොකද්ද එක.

ඔන්න අද උදේ පාන්දරම ඇහැරුනා, වෙනදටත් මම ඇහැරෙනවා, උදේ පාන්දර 11 ට විතර ඒ වුනාට අද පාන්දරම 8ට විතර ඇහැරුනා. මොකද මන්දා,

ඊට පස්සෙ හිතුවා මගේ බ්ලොග් අඩවිය පැත්තෙ රවුමක් ගැහුවා නන් හොඳයි කියලා.

ආපු එකේ පොස්ට් එකකුත් දාලම යන්න ඕනෙ කියලා හිතුනා.

දැන් ඉතින් කාලයක් යනකං නිදහසේ ඉන්න පුලුවන්, ඒ කාලෙදි හොඳ පෝස්ට් ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා

එහෙනං පස්සෙ හම්බ වෙමු!!!

කියන්න බැරි උනා නෙ

මම මේ දඩ බඩ ගාලා සින්හල Type කොරාට, මම සින්හල Type කොරන්න දන්නෙ නෑ.

මට මේක හම්බ උනේ, ජංජාලයේ සැරිසරනකොට තමය්!!!

හදලා තියෙන්නෙ, තමීර කියල සහෝදරයෙක්

මේ තියෙන්නෙ ඒ Software එක


මෙන්න එයාගෙ බ්ලොග් එකට Link එකක්

මේ වගේ Software එකක් හැදුවට, ඒ සහොදරයාට බොහොම ස්තුතිය්!!!

ඔන්න මමත් ආවා

ඉතින් ඉතින්,

කොහොමද කස්ටිය???

මමත් හිතුවා සින්හලෙන් Blog එකක් ලියන්න.

ඔන්න ඒ හින්දා පටන් ගත්තා.

හැබැය් අගෝස්තු ඉවර වෙනකන් මොකුත් ලියන්න නම් ලැබෙන එකක් නෑ.

මොකද මම මේ පාර, A/L දෙවෙනි පාරටත් ලැජ්ජ නැතුව කොරනවා

2nd shy කියන්නෙ එහෙම එකකට නේද??

Shy= ලැජ්ජ නෙ???


කොහොමින් කොහොමින් හරි, ඊට පස්සෙ නන් ලියන්න පුලුවන් වෙය්, බලමුකො එන ව්දිහක්.


හ්ම්ම්ම්...

මහ ලොකුවට බ්ලොග් එකක් හැදුවට ලියන්න දේකුත් නෑ.

එච්චර තමය් කියන්න තියෙන්නෙ,

හරි එහෙනන්, ලඟදීම ආය්ත් පාරක් හම්බ වෙමුකො.